නව ගොඩනැගිලි 200ක් සිසු අයිතියට

පෙබ 27, 2019

    දිවයිනේ පාසල් 200ක ඉදි කෙරුණු නව ගොඩනැගිලි 200ක් ලබන මාර්තු පළමුවැනි දින සිසු අයිතියට පත් කෙරේ.

    එම ගොඩනැගිලි සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉදිකර ඇත. සෑම දරුවෙකුටම සුපිරි පාසල් වෙනුවට සපිරි පාසල් ලබාදීමේ අරමුණෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ළඟම පාසල, දරුවාට ඇතුළත් විය හැකි හොඳම පාසල බවට පත්කිරීම එහි අරමුණයි.

    “ළඟම පාසල-හොඳම පාසල“ ව්‍යාපෘතියට රුපියල් මිලියන 65,000ක් වෙන් කෙරිණ. ඒ යටතේ, පාසල් 9,000ක ව්‍යාපෘති 18,000ක් ක්‍රියාත්මක කෙරේ. එම ව්‍යාපෘතිය එදා මෙදාතුර පාසල් පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක විශාලතම සංවර්ධන කාර්යය වේ.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 20:03

    Latest News