2022 ජනවාරි මස පමණක් මෙරට ඩෙංගු රෝගීන් 5500ක්

ජන 20, 2022

    2021 සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 9000 පමණ වාර්තා වී ඇති බවත් 2022 ජනවාරි මස පමණක් මෙරට ඩෙංගු රෝගීන් 5500 ක් එනම් 60% ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසනවා.



    මීට අමතරව කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් වාර්තාවී තිබෙනවා.

    කොරෝනා රෝගය සහ ඩෙංගු රෝගය මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ එක හා සමාන තත්වයක් පෙන්නුම් කරන නිසා උණ හිසරදය වැනි රෝග ලක්ෂණ පැවතිය හොත් පැය 24 කට පසුව කට පසුව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් බවයි වෛද්‍යතුමිය පෙන්වා දෙන්නේ .

    ඩෙංගු රෝග ලක්ෂණ පහළ පහළ වූ මුල් අවස්ථාවේම අවස්ථාවේ ම වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම නිසා බොහෝ රෝගීන් මිය යාමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බවත් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

    කොරෝනා වැනි මාරාන්තික රෝගයක් සමාජය පුරා ව්‍යාප්තව පවතින අවස්ථාවක ඩෙංගු රෝගය වළක්වා ගැනීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බව එතුමිය පෙන්වා දෙනවා .

    ඩෙංගු රෝග මර්දන නිලධාරීන් මේ දිනවල නිවෙස් තුළට පැමිනීමෙන් වැළකී තිබෙන නිසා තම තමන්ගේ නිවස ඇතුලත ඇති ජලය එක්රැස් වන තැන් ඉවත් ඉවත් කර පිරිසිදුව තබා ගැනීම තමන්ම කරගත යුතු බවත් එතුමිය පවසනවා.

    Latest News