විදේශ මුදල් ජාවාරම් කළ 5ක් අත්අඩංගුවට

ජන 20, 2022

    ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස යි.

    මෙම කණ්ඩායම අතර කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් 5ක් අයත් විය. මොවුන් ඊයේ දින emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22,300, යුරෝ 63,500, ස්ටර්ලින් පවුම් 8,725 , සවුදි රියාල් 292,000 හා diram 75,000 විය. මෙම මුදල්වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී .

    Latest News