ඉදිරි මාස 2 දී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

මැයි 27, 2023

    ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ඉදිරි මාස දෙකේ‍දී අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

    කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍යනිලධාරි රුවන් විජේමුණි මහතා කියා සිටින්නේ, වෙනත් වසරවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සිදුව ඇත්තේ ජුනි මාසයෙන් පසුව බවයි. එය, මෙවර මැයි මාසයේදීම ආරම්භ වී තිබීම මේ තත්වයට හේතුවී තිබෙනවා.

    වසර ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 36500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 18,085 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7650 දෙනෙකු වාර්තා වනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නිලධාරීන් 360 දෙනෙකු දායක කර ගනිමින් සති තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නංවා තිබෙනවා. පරීක්ෂාවට ලක් කෙරුණු නිවාස 39,382 ක් අතුරින්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන 5184 ක් හඳුනා ගැනුණා. පරීක්ෂාවේදී හඳුනාගත් මදුරු කීටයන් සහි ස්ථාන ගණන 518 ක්.

    Latest News