ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ඉදිරි මාස දෙකේ‍දී අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

2021 සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 9000 පමණ වාර්තා වී ඇති බවත් 2022 ජනවාරි මස පමණක් මෙරට ඩෙංගු රෝගීන් 5500 ක් එනම් 60% ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසනවා.

පවතින වර්ෂා සහිත කාලගුණය සමග දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගින් වාර්තා විමේ කාලීන ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

Latest News