රුසියන් ජාතිකයෙක් පැරෂුටයකින් ඇද වැටෙයි

ජන 13, 2022

    දෙල්තොට, ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කඳුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයෙකු එම පැරෂුටයකින් බිමවැටී තුවාල ලබා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

    පොලීසිය පැවසුවේ අදාළ පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබියදී එය අඩි 30ක් පමණ උස ගසක පැටලී බිමට වැටී ඇති බවය.

    සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් මේ පිළිබඳව 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහල වෙත යවා තිබේ.

    Latest News