රු. ලක්ෂ 50 ක වියදමින් නව අලි වැටක්...

ජන 12, 2022

    රත්නපුර වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හඳගිරිය, පල්ගහවෙල, බඹරගල හා වැලිගෙපොල යන ගම්මාන ආවරණය වන පරිදි කඩිනමින් අලි වැටක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක යන මහත්ම මහත්මීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී. ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 50 ක්. දැනට ඉදිකර තිබෙන පැරණි අලි වැට ගම්මානයට ආසන්නව ඉදිකර ඇති බැවින් අලි ගම්වැදීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවයි, මෙම සාකච්ඡාවේදී  අනාවරණය වූයේ. ඉදිකිරීමට නියමිත අලිවැට, උඩවලව අභය භූමිය ආසන්නව ඉදිකිරීමට ද යෝජනා කෙරුණා.

    Latest News