එන්නත් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ජන 12, 2022

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනූව මේ මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා එන්නත්කරණ සතියක් ක්‍රියාත්මකයි.

    මෙම සතිය තුළ කොරෝනා මර්දන එන්නතේ පළමු, දෙවන හෝ තුන්වන මාත්‍රා ලබාගැනීමේ හැකියාව පවතියි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු පිළිබඳව බියවිය යුතු නැති බවයි. තවමත් එන්නත් ලබා නොගත් අයට එන්නත ලබා ගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් දැනුම් දෙයි.

    Latest News