KDU තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු ඇරඹේ...

ජන 10, 2022

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වර්තමානයේ දේශීය වශයෙන් පමණක් ‍නොව ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    එම විශ්වවිද්‍යාලයේ අද (10) පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියා. විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම, නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීම, අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාතික ආරක්ෂාවට මෙන්ම තිරසර සංවර්ධනය අරමුණුකරගත් වෘත්තීමය නිලධාරින් බිහිකරන මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක්.

    PM KDU02 900px 22 01 10

    එහි තාක්ෂණපීඨය ආරම්භ කෙරුණේ, ආරක්ෂක, වෛද්‍ය, ඉංජිනේරු, නීතිය, සෞඛ්‍ය, කළමනාකරණය, සමාජ විද්‍යාව හා මානව ශාස්ත්‍ර, පරිගණක, පරිසර හා අවකාශ යන පීඨ 9 ට අමතරවයි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා අගමැතිතුමාට සමරු තිළිණයක් ද පිරිනැමුවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    PM KDU03 900px 22 01 10

    Latest News