සයිටම් කැපිල්ලෙන් සීමාවාසික පත්විමට තහනමක්

පෙබ 26, 2019

    සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් පිරිනැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය ජනවාරි 29 වැනිදා ගත් තීරණය මාර්තු 27 වැනිදා තෙක් වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් අද නිකුත් කර තිබේ.

    සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ප්‍රසන්න ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තහනම් නියෝගය නිකුත් කරනු ලැබිණ.

    වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනවාරි මස 29 දා තීන්දුවක් ගෙන ඇති බව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම මගින් කියා සිටි. එම සීමාවාසික පත්වීම් ප්‍රදානයට සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් 85 ක් ප්‍රතික්ෂේප කර රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය උපාධිධාරීන් සහ කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධිධාරීන් පමණක් තෝරාගෙන ඇති බව පෙත්සම්කරුවන් චෝදනා කර සිටියි. ඒයින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බව පෙන්වා දෙයි. මේ හේතුවෙන් මෙම පෙත්සම් පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

     

     

     

     

     

     

    Latest News