නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම්

පෙබ 26, 2019

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සදහා නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණ.

    මෙම කණ්ඩායමෙන් විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාතේ රෝහල්වලට ද, සේවා අවශ්‍යතාවයේ ප්‍රමුඛත්වය සළකා අනෙකුත් පළාත්වල රෝහල් වලට ද ලබාදීමට පියවර ගෙන ඇත. මෙම උත්සවයට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 26 පෙබරවාරි 2019 18:13

    Latest News