හෙරොයින් ජාවාරම්කරුට මරණ දඩුවම

පෙබ 26, 2019

    කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ශන්මුගන් ඉලංගෝවන් නමැති පුද්ගලයෙකුට හෙරොයින් ළග තබා ගැනීම හා ජාවාරම්කිරීම යන චෝදනාවලට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළේය. 

    කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් 2017 වසරේ දෙසැම්බර් 11 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවක දී හෙරොයින් ග්‍රෑම් 105ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනූව, දීර්ඝ නඩු විභාගයක් කොළඹ මහාධිකරණයේ පැවති අතර මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කළේය.

    ශන්මුගන් ඉලංගෝවන් 40 හැවිරිදි දෙදරු පියෙකි.

    Latest News