සෙනසුරාදා (08) කොළඹ පැය 16ක ජල කප්පාදුවක්

ජන 06, 2022

    ලබන 8 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට එදිනම මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන්. ‍
    ‍කොළඹ,දෙහිවල ගල්කිස්ස,කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම,බොරලැස්ගමුව,කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ,කොටිකාවත්ත,මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Latest News