තරුණයාට මරු කැඳවූ ටික්ටෝක් වීඩියෝව

ජන 04, 2022

    ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණයෙක් ඝාතන කර තිබේ.

    ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ දී ඊයේ (03) දහවල් තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු වීම හේතුවෙන් මෙම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    ඝාතනයට ලක් වූ තරුණයා ඔහුගේ යහළුවන් දෙදෙනෙකු මාදම්පිටිය මාර්ගයෙන් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට ගමන් කරමින් සිටියදී ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් කිසියම් පිරිසක් අතර ඇතිවූ මතගැටුම දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අනතුරුව සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇත. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.

    Latest News