පොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ්

ජන 04, 2022

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණේ යැයි සැකපිට අත්අඩංගුට ගත් පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් 'පොඩි ලැසී' නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

    එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    ඒ අනූව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

    Latest News