පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ජන 02, 2022

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.  

    උතුර, උතුරු - මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.  

    උතුර, උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 ක පමණ තරමක තද සුලං බලාපොරෝතතු වේ.  

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකිය.  

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුලං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News