ඌව සහ නැගෙනහිර යන පළාත්වල ද මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව, කාලගුණ නිවේදනයේ සඳහන්. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.
කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ක් දක්වා ඉහළ යා හැකියි. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය, පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.