විවාහ උත්සව සඳහා වූ මත්පැන් තහනම ඉවතට

දෙසැ 16, 2021

    අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනූව මංගල උත්සව සඳහා සහභාගිවිය හැක්කේ අදාළ උත්සව ශාලාවේ පවතින ධාරිතාවෙන් 50%කට පමණයි. මිට පෙර නිකුත් කර තිබු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය අමුත්තන් 200ක් ලෙස සදහන් කර තිබිණ.

    එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා මීට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබු අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ඉවත් කර ඇත.

    අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකියාව මිට පෙර නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වල 20 දෙනෙකු ලෙස සටහන්ව තිබු අතර එය නව මාර්ගෝපදේශ අනුව 30 දෙනෙකු දක්වා වැඩි කිරීමට අවසර ලබාදී තිබේ.

    එමෙන්ම කොවිඩ් නොවන මරණයක් පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුයි.

    එසේම සිනමා ශාලාවලට 75% ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 දෙසැම්බර් 2021 10:57

    Latest News