දෙදනෙකුට මරු කැඳවමින් දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දෙසැ 15, 2021

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමට ආසන්නයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.

    තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරිණ. මාතර සිට කොට්ටාව දක්වා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇත.
    මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි පියෙකු සහ ඔහුගේ සිව් හැවිරිදි දියණියයි.

    අනතුරින් තුවාල ලැබු මව සහ තවත් දරුවෙකු මේ වනවිට කළුතර, නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

    තුවාල ලැබු තවත් අයෙකු හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News