අමෙරිකානු-උ. කොරියා නායක හමුවකට සුදානමක්

පෙබ 24, 2019

    දෙවැනි වරට පැවැත්වෙන ඓතිහාසික අමෙරිකානු-උතුරු කොරියා නායක හමුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඊයේ වියට්නාමය බලා පිටත්විය.

    ඒ ඔහුගේ අධි ආරක්‍ෂිත දුම්රියෙනි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායකයා අතර මෙම හමුව ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා පැවැත්වේ. ඒ, වියට්නාමයේ හැනෝයි අගනුවරදී. නායකයින් දෙපළ අතර පළමු හමුව පසුගිය වසරේ සිංගප්පුරුවේදී පැවැත්විණ.

    එම සාකච්ජා බොහෝ සෙයින් සාර්ථක වූ අතර, කොරියානු අර්ධද්වීපයේ පැවති දැඩි උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමට එම සාකච්ජා ඉවහල්විය. එම සාකච්ජාවලදී උතුරු කොරියාව න්‍යෂ්ටික හරණය කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබේ.

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 11:16

    Latest News