වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය. ඒ මහතා මීට පෙර ජපානයේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත. රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා වසන්ත කරන්නාගොඩ මහතා පත් කර තිබේ.