අදත් පැයක විදුලි කප්පාදුවක්

දෙසැ 07, 2021

    අද (07) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය කප්පාදු කරන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

    ඒ අනූව, පස්වරු 6.00ත් රාත්‍රී 9.30ත් අතර පැයක කාලයක් ඇතැම් ප්‍රදේශවල විදුලිය කපා හැරෙනු ඇති.

    පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා එලෙස විදුලිය කපා හැරීමට සිදුවන බවයි,විදුලිබල අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

    නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

    දිවයින පුරා පසුගිය 03 වැනිදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.

    Latest News