රංගන ශිල්පී, සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

දෙසැ 03, 2021

    වේදිකා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පී, සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත විය.

    ඔහුගේ වයස අවුරුදු 62ක්. කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සම්පත් තෙන්නකෝන් මහතා රංගන ශිල්පිනී රත්නා ලාලනී මහත්මියගේ ස්වාමි පුරුෂයායි. 1985 වසරේ ජයලත් මනෝරත්න මහතාගේ පුත්‍ර සමාගම වේදිකා නාට්‍යයෙන් ඔහු ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.

    ඒකාධිපති, තලමල පිපිලා, මකරා, අන්දරේලා, ගුරු තරුව, ජගත් මා වාසුදේව, මායා දේවී, සුබ සැන්දෑවක්, රෝමය ගිනි ගනී වැනි වේදිකා නාට්‍යවලද, රයිගම් යහළුවෝ, සිත නිවන කතා ඇතුළු ටෙලිනාට්‍ය රැසක ද ඔහු රංගනයෙන් දායක විය.

    අහස් මාළිගා, ගිනි අවි සහ ගිනි කෙළ්, හිමගිර, සිරිපැරකුම්, සිරි රජ සිරි යන චිත්‍රපට සඳහා ද ඔහු රංගන දායකත්වය ලබා දුන්නේය.

    දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.

    Latest News