දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

දෙසැ 03, 2021

    නීති විරෝධී ලෙස වත්කම් හා මුදල් රැස් කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

    එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය. 

    නීති විරෝධී ලෙස රුපියල් කෝටි ගණනක් වටිනා මුදල් හා වත්කම් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. 

    දෙමටගොඩ රුවන් නැමැති මෙම සැකකරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නැමැත්තා ගේ සොහොයුරෙකු වූ බව ද හෙළිවී තිබේ. 

    Latest News