මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළෙයි...

නොවැ 28, 2021

    මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී, ඊයේ රාත්‍රී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළි තිබෙනවා.

    අනතුරින්, පුද්ගලයෙකු අතුරුදන් වුණා. මෝටර් රථය තවමත් සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇත. මහනුවර, කුණ්ඩසාල ප්‍රදේශයේ සිට භාරගම ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයකුයි, මෙසේ අනතුරට පත්ව ඇත්තේ.

    අනතුර සිදුවූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, ඔවුන් රෝහල්ගත කෙරුණා. අනෙක් පුද්ගලයා සහ මෝටර් රථය සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News