දැදුරුඔය ජලාශයේ වාන් දොරටු නැවතත් විවෘතයි.....

නොවැ 28, 2021

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අද (28) නැවතත් විවෘත කර තිබෙනවා.

    ඒ, ඊයේ දැදුරුඔය ඉහළ ප්‍රදේශයට ලැබුණු වැසි තත්වය හේතුවෙන්. ඒ අනුව ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අඩි හතර බැගිනුත් ඉතිරි දෙක අඩිය බැගිනුත් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පවසයි. මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 18,000 ක ජල පරිමාවක් ජලාශයෙන් දැදුරුඔයට නිකුත් කෙරේ.

    අද දිනයේ ලැබෙන වැසි තත්වය අනුව ඉදිරි පියවර ගැනීමට සිදුවන බව ඉංජිනේරුවරයා පවසයි. දැදුරුඔය පහළ පදිංච් ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

    Latest News