රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් කොවිඩ් අරමුදලට රු.මිලියන 5ක පරිත්‍යාගයක්

නොවැ 27, 2021

    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම 'COVID -19' සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කර තිබේ.

    අදාළ චෙක්පත ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී ලුෂාන්ත රණසිංහ මහතා විසින් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත භාරදෙනු ලැබිණ.

    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News