ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි (වීඩියෝ)

නොවැ 27, 2021
  • ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි ඊයේ පිරිනැමුණා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ 54 වැනි වාර්ෂික සමුළුවේ සමාරම්භය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. මෙහිදී සායනික මහාචාර්ය පදවි පිරිනැමුණා.

    HE1 900px 21 11 23

    ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.අයි. අමරසිංහ, එරන්දි සමරකෝන, එම්. සදානන්දන්, එස්.එල්.එෆ්.අබ්බාර්, එස් කේ. රණරාජා, සනත් ලැන්රෝල්, එස්.බී. ඒකනායක, ගෞරී සෙන්තිල්නාදන්, එස්. ශිවසුමිත්‍රන්, රානී සීතාම්භපිල්ලේ, දර්ශන ද සිල්වා, එන්.එම්. ජිෆ්රි, ටී. කටොට්ගජන්, ක්‍රිෂාන් සිල්වා, නිෂේන්ද්‍ර කරුණාරත්න, එච්.එම්.ජේ.එන්. හේරත් යන මහත්ම මහත්මීන් සායනික මහාචාර්ය පදවියෙන් පිඳම් ලැබුවා.

    මහාචාර්ය ඩී.ඒ. රණසිංහ අනුස්මරණ දේශනය පවත්වනු ලැබුවේ, මහාචාර්ය එස්.එච්. දොඩම්පහළ මහතා විසින්. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සෙනසුරාදා, 27 නොවැම්බර් 2021 18:09

    Latest News