විජයකලාගේ නඩුව මැයි 10 දක්වා කල් යයි

පෙබ 22, 2019

    එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සඳහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 10 වැනි දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කළාය.

    සිද්ධියට අදාළ සැකකරුවු හිටපු නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහෙෂ්වරන් මහත්මිය අධිකරණයට පෙනී සිටි අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කෙරිණි.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 14:09

    Latest News