පුනර්ජනනීය විදුලිබලයට ඇමරිකානු සහාය

පෙබ 22, 2019

    විදුලිබල සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ආයෝජනයට ඇමරිකාවට විවෘත ආරාධනයක් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

    මෙම ආරාධනය සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ විශේෂ අවධානය යොමුවි ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    ලෝක බලශක්ති අර්බුධයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලෝකයේ ව්‍යාපාරික රටවල් අතර ශ්‍රි ලංකාවට ප්‍රමුඛස්ථානයකට දිනා ගැනිම වෙනුවෙන්, ඇමරිකානු තානාපති අලීනා ටෙප්ලිස්ට් මහත්මිය සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පැවැත්විණ. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේදි හමුව පැවැත්විණි.

    ජනගහන සහ තාක්ෂණික වර්ධනයෙන් ඇති වන බලශක්ති ඉල්ලුමේ වර්ධන‍යන්ට මුහුණ දීමට ශ්‍රි ලංකාව සතු සීමිත සම්පත් ඉදිරි වසර කිහිපයේ ප්‍රමාණවත් නොවන බව රවී කරුණානායක මහතා පවසයි. මෙම ගැටලු සහගත තත්ත්වයෙන් මිදීමට ස්ථිර විසදුමක් සෙවීය යුතු බව ඔහු අවධාරනය කරයි. මේ සදහා ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වෙමින් සිටි. සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.

    කලාපයේ රටවලට අභිබවමින් ශ්‍රි ලංකාව විදුලිය සැපයීමෙන් ඉදිරියට පැමිණ ඇති බව ඇමරිකානු තානාපතිනිය අවධාරණය කළේය. ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව රජයක් ලෙස අවධානය යොමු කිරිම විශිෂ්ට ක්‍රියාවක් බව ඇය  කියා සිටියේය. රටක් වශයෙන් සංවර්ධනාත්මක මාවතකට පිවිසිමට එය වැදගත් බව පෙන්වා දුනී. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සූර්ය සහ සුළංබල විදුලි උත්පාදනය ගැන සිය විශේෂ අවධානයක් යොමු වූ බවත්, ඒම අංශයන්ට ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව යොමු කළ හැකි බවත් ඇය පවසා තිබේ.

    ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, සශ්‍රීකත්වය සුවිශේෂී බැවින් විදේශීක අවධානය යොමුවි ව්‍යාපාරික අවස්ථා ලබා ගත හැකි බව ඇය පවසා ඇත.

    ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබදතා තහවුරු කර ගැනීමින්, ශ්‍රි ලංකාව තුළ ආයෝජනය කිරිමට ඇමරිකානු රජයට ඇමති රවි නරුණානායක විවෘත ආරාධනයක් කර සිටියේය.

    ravi1 px 900 19 02 22

    Latest News