ඩෙංගු රෝගීන් වාර්තාවීම යළි ඉහළයයි

නොවැ 11, 2021

    පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

    ජාතික ​ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරන්නේ, මේවනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් විසිතුන්දහසක් වාර්තා වන බවයි.

    වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරි ලහිරි කොඩිතුවක්කු මහතා පවසයි.

    එසේම ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් පුද්ගලයන්ට වැලඳෙන බවත්, ඉන් දෙක හා තුන යනුවෙන් හඳුන්වනු ලබන වෛරස් කාණ්ඩය වැඩිවශයෙන් වැළඳෙන බවට හඳුනාගෙන ඇති බවත් වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය.

    Latest News