වසර 10කට පසු ලෝකයේ ආහාර මිල උපරිම අගයකට

නොවැ 06, 2021

    වසර 10 කට පසු ලෝකයේ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

    ඉකුත් වසරේදී පමණක් ආහාර මිල ගණන් 30% කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි,එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ.

    නිෂ්පාදන භාණ්ඩ මිල ඉහළ යාම,සැපයුම් අඩාල වීම, කර්මාන්ත ශාලා වැසී යාම සහ දේශපාලන අස්ථාවරත්වයන් මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබේ. ශ්‍රමය හිඟවීම, ආහාර නිෂ්පාදනය අඩුවීම, ප්‍රවාහන වියදම් ඉහළ යාමද ඊට බලපා ඇති බවයි පැවසෙන්නේ.

    කිරි නිෂ්පාදන මිල ද ඉකුත් වසරට සාපේක්ෂව 16% කින් ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් වසරට සාපේක්ෂව ධාන්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ 22% කින්. තිරිඟු මිල පමණක්

    40% කින් වැඩිවී තිබේ. එළවලු තෙල් මිල ගණන් ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

    Latest News