ලෝක ආහාර මිල සිව්වැනි මාසයටත් ඉහළට

දෙසැ 03, 2021

    ලෝක ආහාර මිල අඛණ්ඩව සිව් වැනි මාසයටත් ඉහළ ගොස් ඇතැයි, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය පවසයි.

    දශකයක් තුළ ඉහළම ආහාර මිලක් සටහන් වූ මාසය ලෙසයි,නොවැම්බර් සැළකෙන්නේ.

    මාසික ගෝලීය ආහාර මිල දර්ශකය නිකුත් කිරීමත් සමග ගෝලීය රටවල් ආහාර මිල පිළිබඳ අවධානය යොමු කොට තිබේ. නව වාර්තා අනූව ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ ආහාර මිල ඒකක 1.6 නිව් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

    ඉන්ධන මිල ඉහළ යාම හා සැපයුම් ජාලය පහත වැටීමෙන් ආහාර නිෂ්පාදනය අඩුවී ඇතැයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 03 දෙසැම්බර් 2021 12:05

    Latest News