කඨින උත්සවවලට උචිත ගීත පමණක් යොදා ගන්නැයි උපදෙස්

නොවැ 06, 2021

    කඨින පූජෝත්සවවලදී සහ වෙනත් ආගමික උත්සවවලදී ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත.

    ආගමික ස්ථානවල පූජනීයත්වය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන්නැයිද උපදෙස්දී ඇත.

    ඇතැම් කඨින උත්සවලදී ආගමික උත්සවවලට උචිත නැති ගීත වාදනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විවිධ විවේචන එල්ල වීම සැලකිල්ලට ගෙන අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර
    ඇත.

    එසේම කඨින පූජෝත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව පැවැත්විය යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.

    පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේ දී හා පෙරහැර සංවිධානය කිරීමේ දී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් පවතින, ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් භාවිත කරමින් ආගමික ස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී ඇත.

    Katina 01

    Last modified on සෙනසුරාදා, 06 නොවැම්බර් 2021 09:14

    Latest News