නීති විරෝධී මත් පෙති සමග වෛද්‍යවරයෙකු අත්අඩංගුවට...

ඔක් 31, 2021

    ඊයේ (30) පොලිස් විශේෂ කර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීමකින් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පානදුර උතුර පොලිස් වසමේ පල්ලියමුල්ල ප්‍රදේශයේදී නීති විරෝධී මත් පෙති වෛද්‍ය නීති රීති වලට පටහැනිව පුද්ගලයින් වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන පානදුර උතුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා වයස අවුරුදු 50 ක් වූ ගොරකාපොළ, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Latest News