කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (31) පස්වරු 2.15 සිට ජාතික රූපවාහිනියෙන්....

ඔක් 31, 2021

    පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු පූර්ව රාජ්‍ය ගෞරව සහිතව  සහිතව අද (31) නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ.

    ඒ නිමිත්තෙන් රජය අද ශෝක දිනක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය පස්වරු 2.15සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජිවිව විකාශය කිරීමට නියමිතයි.

    පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කර දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිටත් සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා. අද පස්වරු 12.30ට උන්වහන්සේගේ දේහය රැගත් රිය පෙරහැර පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් ගමන් ආරම්භ කර කොළඹ නුවර පාර, කැළණි පාලම, බේස්ලයින් පාර, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රයට පැමිණිමට නියමිතයි. මේ මාර්ගවල ගම්න් ගන්නා රථවාහනවලට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Last modified on ඉරිදා, 31 ඔක්තෝබර් 2021 11:08

    Latest News