මඩකළපුවෙන් තහනම් ධීවර දැල්

පෙබ 19, 2019

    මඩකළපුව, කළපුව ආශ්‍රිතව අද(19) සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

    නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සොයාගත් එම තහනම් ධීවර දැල් අඩි 150 ක් පමණ දිගකින් යුක්ත වන අතර දැල් 57 ක් තිබී ඇත. අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

    Latest News