තහනම් දැල් භාවිතා කර මාට්ටු

දෙසැ 08, 2019

    ඊයේ(07) වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

    ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීමේ කටයුතු සිදු කරනු ලබන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලැබු මෙහෙයුමක් 2019 දෙසැම්බර් 07 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කර තිබේ. එහිදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගත් කුඩා යාත්‍රා 02 ක් සහ තහනම් දැල් 02 නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් වයස අවුරුදු 44 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හදුනාගෙන තිබේ.

    1_21.JPG3_6.jpg

    නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධිවර යාත්‍රා සහ තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    Latest News