මැණික් හා දියමන්ති කොල්ලයේ සැකකරුවෙක් පොලිස් දැලේ

පෙබ 19, 2019

    මහාරගම පන්නිපිටියේ නිවසකින් රුපියල් කෝටි කෝටි 700 අධික වටිනාකමක් සහිත මැණික් සහ දියමන්ති පැහැර ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල වෙඩිකන්ද ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මිරිහන විශේෂ අපරාධ මෙහේයුම් එකකය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබුණ විශේෂ තොරතුරක් මතයි.

    සැකකරු වත්තල වෙඩිකන්දේ පදිංචි කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් ලෙසින් හැදින්වේ. සැකකරු හෙට (20) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර හඳුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරේ.

    මහාරගම පන්නිපිටියේ නිවසකින් රුපියල් කෝටි ගණනක මැණික් සහ දියමන්ති කොල්ලකෑම නොවැම්බර් 05 වැනිදා සිදුකෙරිණ. සොර කණ්ඩායම පොලිස් නිළධාරින් ලෙසින් නිවසට ඇතුල්ව මැණික් සහ දියමන්ති කොල්ලකා ඇති අතර පලා යන අවස්ථාවේ මැණික් මිළදී ගැනීමට පැමිණි විදේශිකයෙක්ද පැහැරගෙන ගොස් තිබේ.

    මෙම මැණික් හා දියමන්ති මංකොල්ලයට මාතර තුසිත මදුරංග හෙවත් මාතර මල්ලි නමින් හැදි‍න්වෙන සැකකරුවෙකු දෙසැම්බර් 02 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News