විදේශ රැකියාව අවසන්ව දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ආධාර

ඔක් 18, 2021

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියාවට ගොස් එය අවසන් කර නැවත දිවයිනට පැමිණි කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා ලාභීන් සඳහා කාර්යාංශය විසින් තම ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීම පිනිස ආධාර මුදල් අද (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදී.



    විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ස්වයං රැකියා දිරිගැන්වීම් ආධාර ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ‍ අරණායක, ගලිගමුව, වරකාපොල, කෑගල්ල, මාවනැල්ල හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි ස්වයං රැකියා ලාභීන් 30 දෙනෙකුට එහිදී රු.740,699 ක මූල්‍ය ආධාර ලබා දී තිබේ.

    මෙම වැඩසටහන සඳහා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක කනක හේරත්, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය, කාර්යාංශයේ අධ්‍යක්ෂ (පාලන) එන්.පී. තිබ්බොටුමුනුව, කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශයේ කළමනාකරු සුසිල් කුමාරපේලි, සහකාර කළමනාකරු මහේෂ් හේවාවිතාන, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News