අනවසර මැණික් ගැරු 07ක් මාට්ටු;ශ්‍රි පාද රක්ෂිතයටත් හානී

මැයි 23, 2019

    ශ්‍රි පාද රක්ෂිතය තුල විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසර මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත්දෙනෙක් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසෝ වතුයායේ ප්‍රිඩ්ලන්ඩ් කොටසට ඉහලින් වු ශ්‍රි පාද රක්ෂිතය තුල මෙම අනවසර මැණික් ගැරිම සිදු කර ඇත.

    මෙම රක්ෂිතයෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ග හරස් කර සහ රක්ෂිතය තුල විශාල වලවල් හාරා විශාල පරිසර හානියක් කරමින් මෙම ජාවාරම සිදුකර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩර මහතා පැවසයි. මෙම පිරිස කාලයක් තිස්සේ රක්ෂිතය තුල ඉතා සුක්ෂම ලෙස අනවසර මැණික් ගැරිමේ නිරතව ඇති බවත් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මැණික් ගැරිමට භාවිතා කළ උපකරණ පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව පෙට්රොසෝ වතුයායේ පදිංචි කරුවන් බවට තාහුරුවි ඇත. සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    gemrade2 px 900 19 05 23

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 13:52

    Latest News