ගුවනින් බීජ හෙළිමේ ව්‍යාපෘතියේ තවත් අදියරක්

ඔක් 09, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රියාත්මක කරන ගුවනින් බීජ හෙළිමේ ව්‍යාපෘතියේ 5 වැනි අදියර, යාල ජාතික වනෝද්‍යානයට යාබද කැබිලිත්ත ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා සිදු කෙරිණ.

    තෝරාගත් භූමි ප්‍රදේශවල වන ගහනය වර්ධනය ව්‍යාපෘතියේ අරමුණයි. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ අක්කර 75ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙම බීජ හෙළීම සිදු කෙරේ.

    ඒ එම් අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යොදාගනිමින්. ඇහැළ, මී, කරඳ, මයිල, සියඹලා, කුඹුක්, කෝං, මදටිය ආදී ශාක බීජ 80,000ක් පමණ එම භූමි ප්‍රදේශයට මුදා හැර තිබේ.

    මෙම සුවිශේෂ ව්‍යාපෘතියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාර්ගෝපදේශකත්වය ලබා දෙයි. ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින්. 

    Latest News