ලෝක තැපැල් දිනය අදයි

ඔක් 09, 2021

    ලෝක තැපැල් දිනය අදයි. ප්‍රකෘතිමත් වීම සඳහා නවෝත්පාදනය යන්න මෙවර තේමාවයි.

    1874 ස්විස්ටර්ලන්තයේ දී ආරම්භ වූ විශ්ව තැපැල් වෘත්තිය සමිතිය හෙවත් යූ පී යූ සංවත්සර දිනය වන ඔක්තෝබර් 9 වැනිදා ලෝකා තැපැල් දිනය සමරනු ලබයි. ලොව පුරා අන් අයට ලිපි යැවීමේ හැකියාව හඳුන්වා දෙමින් යූ පී යූ ගෝලීය සන්නිවේදන විප්ලවය ආරම්භ විය.

    පළමු තැපැල් දිනය සැමරුවේ 1969 දී. එම වසරේ ජපානයේ ටෝකියෝහි පැවති යූ පී යූ සම්මේලනයේ දී ඔක්තෝබර් 9 වැනිදා ලෝක තැපැල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

    ලන්දේසි පාලකයන් ඔවුන්ගේ පාලනය යටතේ තිබූ මුහුදු බඩ දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල 5ක් මෙරට තුළ ආරම්භ කළේය. ඒ 1798 දී. ඒ අනූව මෙරට තැපැල් සේවයට වසර 200කට අධික ඉතිහාසයක් හිමිය. මුල් කාලයේ පා ගමනින් මෙන්ම, විවිධ ප්‍රවාහන මාධ්‍ය යොදා සේවා සිදු කෙරිණ.

    අද වන විට මහජනතාව වෙනුවෙන් නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයුම තුළින්, ආකර්ශනීය සේවා රැසක් ශ්‍රී ලංකා තැපෑල හඳුන්වා දී තිබේ. ඉතා අඩු සාධාරණ ගාස්තු ක්‍රමයක් යටතේ වේගවත් හා ආරක්ෂාකාරී මෙන්ම විශ්වසනීය සේවාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තැපෑල සමත්ව තිබේ.

    Latest News