බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක්

ඔක් 09, 2021

    බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.

    ඒ අනුව, ලබන 12 වැනිදා සිට 31 වැනිදා දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නොවැම්බර් මස 30 වැනිදා දක්වා දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති විජේතුංග පැවසුවේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා ඇති බැවින් මේ දිනවල පරිගණක පද්ධතිය වරින්වර බිදවැටීම හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

    කෙසේ වෙතත්, පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම මහජනතාවට ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලබන බව ද ඔහු පවසයි.

    ඉදිරියේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පරිගණක පද්ධතිය යථාවත් කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    press

    Latest News