ලෝක බැංකුවෙන් අ.ඩොලර් මිලියන 500ක්

ඔක් 02, 2021

    අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ මෙරට ග්‍රාමීය මාර්ග සහ ඊට අනුබද්ධිත කෘෂිකර්මික සේවා සංවර්ධනය සඳහායි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිලෝ මීටර ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව තිබේ.

    එම ව්‍යාපෘතිය සාර්ථක වීම හේතුවෙන් ගම් හා නගර සම්බන්ධ කරමින් ආරක්ෂිතව සහ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මාර්ග සංවර්ධනය කිරීම සඳහායි එම මුදල් ලබාදී ඇත්තේ.

    මේ යටතේ දිවයිනම ආවරණය වන පරිදි මාර්ග කි‍ලෝමීටර 3,000ක් සංවර්ධනය කිරීමට නියමිතයි. මීට අමතරව,ග්‍රාමීය කෘෂිකාර්මික බෝග එක් රැස් කිරීමේ හා බෝග ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ද ඉදිකෙරේ.

    Latest News