2022 අය වැය ඇස්තමේන්තුව බදාදා පාර්ලිමේන්තුවට

ඔක් 02, 2021

    2022 මුදල් වර්ෂය සඳහා වන අය වැය ඇස්තමේන්තුව හෙවත් විසර්ජන පනත් කෙටුම්පත ලබන බදාදා (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. 

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා (04) සිට සිකුරාදා දක්වා දින පහක් පාර්ලිමේන්තුව රැස්වීමට ද තීරණය කර ඇති බවයි.

    සඳුදා දිනයේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න ඇසීම සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට නියමිතයි.

    Latest News