2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිපත් ‍කිරීමට අනුමැතිය

සැප් 28, 2021

    2022 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනූව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී තිබේ.

    පසුගිය ජුලි 26 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත කෙටුම්පත් කිරීම සඳහා අනුමැතිය ලැබිණ.

    එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්.

    Last modified on අඟහරුවාදා, 28 සැප්තැම්බර් 2021 11:41

    Latest News