රට විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දින දෙක තුළ

සැප් 28, 2021

    ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි, යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

    ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ විශේෂ සෙත් පැතීමක් ඊයේ පැවැත්විණ. ඊට සහභාගීවූ අවස්ථාවේ යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය.

    Latest News