නිරෝධායන නීති කැඩූ 491ක්

සැප් 22, 2021

    ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ රථ වාහන 55ක් ද පොලීසිය භාරයට ගත් බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

    පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 76,636 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    Latest News