හොර නෝට්ටු සමඟ සැකකරුට මාංචු

පෙබ 17, 2019

    බියගම,පේරගස් හංදියයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින්. සැකකරු සතුව තිබූ රුපියල් 5000/- නේට්ටු 38ක්, රුපියල් 1000/- නේට්ටු 300ක්, රුපියල් 500/- නෝට්ටු 165ක් හමුවී තිබේ. 40 හැවිරිදි අබ්දුල් කාදර් නෙයිනා මොහොමඩ් නමැති සැකකරු ප්‍රදීපගම, මල්වාන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

    ඔහු අද දින (17) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 09:41

    Latest News